මෝඩයින් හා බූරුවා

දිනක් පියෙකු හා පුතෙකු වෙළදාම පිණිස නගරයට යමින් සිටියෝය. ඔවුන්ගේ ගමන් පහසුව සදහා බූරුවෙකුද රැගෙන යන ලදී.බොහෝ දුර ගිය පසු පියා විසින් පුතාට මෙසේ පැවසීය.
“පුතේ නුඹ බූරුවාපිට නැග පලයන්.මම නුඹ පස්සෙන් පයින් එන්නම්”
එසේ කියා පුතා බූරුවා පිට නගවා පියා ඔවුන් පසුපස පයින් යයි.ටික දුරක් මෙසේ ගිය ඔවුන්ට මගියන් දෙදෙනෙකු හමුවිය. එයින් එක් අයෙකු මේ පියාට හා පුතාට ඇසෙන සේ මෙසේ කෑගැසුවේය. “මේ තරම් ශක්තිමත් නුඹ බූරුවා පිට නැග යනවා.අසරණ මහල්ලා පයින් යනවා.ඔහොමද නුඹ වැඩිහිටියන්ට සලකන්නේ”.මගියා එසේ කීවිට පුතා බූරුවා පිටෙන් බැස පියාට බූරුවා පිටට නැගීමට උදව් කළාය.ඉන් පසු පියා බූරුවා පිට නැගී ගිය අතර පුතා පයින් ගියාය.අතරමගදී ඔවුන් දෙදෙනාට තවත් මගියකු හමුවිය. “මේ අසරණ ළමයා පයින් යද්දී මේ මිනිහා බූරුවා පිට නැගී යනවා” යයි ඔහු කීවේය. පසුව ඔවුන් දෙදෙනාම බූරුවා පිට නැගී ගියේය.
“අනේ අර අසරණ බූරුවා පිට නැගී අර මිනිසුන් දෙදෙනා ඌට දෙන වදයක්” යයි අවට ගැහැණු මැසිවිලි නැගීය.එය ඇසූ මොවුන් දෙදෙනා බූරුවා පිටෙන් බැස යලිත් පයින් ගමන් ගත්තේය. ඉන්පසු අතරමගදී හමුවූ මිනිසුන් ඔවුන්ට හිනා වන්නට වූයේ බූරුවෙකු තබාගෙන පයින් යනවා යයි කියමින්ය. එය ඇසූ මොවුන් දෙදෙනා කෝපයට පත්ව බූරුවා කකුල් හතර ලීයක ගැටගසා කර මත තබාගෙන ගියේය. ඒ යන අතරමගදී ඔවුන් ගගක් උඩින් වැටුණු ඒදණ්ඩක ගියේය. එසේ යන විට බූරුවා දගලන්නට වූයේය. එවිට ගැට ගසා තිබූ ලණු පටවල් ලිහීගොස් බූරුවා ගගට වැටුනේය. බූරුවා නැතිවූ දුකට පත් මොවුන් දෙදෙනා කළ මෝඩකම ගැන දුක් වී ආපසු ගෙදර ගියේය.

 

Advertisements
Posted in Uncategorized | Leave a comment

හීනයට ඉඩ දෙන්න……….

නුඹෙ හිත ළග රැදී
ඉන්න ඉඩක් නැතුවට
මගෙ හිත ළග නුඹ
විතරයි ඉන්නේ හැමදින……….
නුඹෙ සුසුමක සොදුරු
නැවුම් සුවද කැටිවුණ
විදගන්නට දෙන්න ඉතින්……..
නුඹේ සෙනෙහස……

Posted in Uncategorized | Leave a comment

මගේ සද ඔබ………

දුරින් දුරට යන්න ගියත්
සිත හඩවා දුක් දුන්නත්
නිකමටවත් නොම බැලුවත්
නුඹේ ළගයි සිත තාමත්
දවල් කලට අහසේ තනි රකියි ඉර
මැදියම් රැයේ අහසේ තනි රකියි සද
හිරු සදු නිසා තනියක් නෑ ලෝකයට
මගෙ සද ගියා මා තනිකර දුර ඈත

Posted in Uncategorized | Leave a comment

පව්කාර සද එළිය……….

හිත් අහස ගුගුරුවා කඩාවැටි
අනෝරා මහ වැස්ස ඔබ තමයි……..
කල්පයක් ඇගිලිගැන අහිමිවුණු
තුන් කලක් නිදිවරා පද බැදූ
කටහඩක් අහිමි වූ කවිමිටයි………
නෙතු දෑල තිගස්වා ගොළු කෙරූ
විශ්වයක් පුදනොදෙන මග දුකයි………
තෙල් නැතිව දැල්වෙන්නට අර අදින
හදවතේ දැල්වෙන ගිනිසිලයි………
පව්කාර සද එළිය මම තමයි……….

Posted in Uncategorized | Leave a comment

මතකය………..

මතක කෙත ගනදුර වපුල
ඉකුත් රැය බිහිසුණුය……….
ළහිරු හිනැහෙන මේ උදෑසන
කැකුළු මල් ගොමු සිනා වගුරන………….
විහග ගී සර රාව මතුවන
ප්රි යංකර වූ මේ උදෑසන………..
සොදුරු වුවද……..
ළහිරු රැස් වැද සෙමින් වියලෙන
පිරුණ එක දසුනින්ම
මගේ සිතිවිලි සසල වන්නේ
සිහිනැගී පෙර දිනක මතකය………..

Posted in Uncategorized | Leave a comment

ජීවිතය

ඉවත් වෙයන් නුඹ
කෙටි ඉටි පහන
ජීවිතය………
පිය මනිනා ඡායාවකි
දුර්වල නළුවෙකු ‍
ගෙවාගත් අනතුරුව
ඔහුගේ හෝරාව
ඉවත්ව යනු වැනිය…….
වේදිකාවෙන් උඩගු ලෙස
ඉන් පසුව නෑසෙනු ඇත
කිසිවක් ජීවිතය……….
අණුවනයෙකුගේ ප්‍රලාපයකි………
කිසිවක් නැත එහි
උන්මාදයෙන් නැගූ
ශබ්දය හැර……

Posted in Uncategorized | Leave a comment

පරිත්‍යාගය

ඔබට ජීවිතයේ හොද අරමුණු තියෙන්නට පුළුවන්….. ඒ අරමුණු වෙනුවෙන් ඔබ තුළ හොද අධිෂ්ඨානයක් තියෙන්නත් පුළුවන්……… ඒත් ඔබට සටනකින් දිනන්නට තව දෙයක් ඕනා…… ඒ තමා පරිත්‍යාගය…….. කැපකිරීම…….
මොකක්ද මේ පරිත්‍යාගය කියන්නේ………
පරිත්‍යාගය කියන්නේ හරි උතුම් මිනිස් ගුණාංගයක්…….. ජීවිතයේ යම් උතුම් දෙයක් මුදුන් පමුණුවා ගන්න අද විදින සැපත් කැප කරන එකයි පරිත්‍යාගය කියන්නේ……. ඔබ පරිත්‍යාගයේදී කුහක නම්……… වංක නම්…….. ඔබටම බොරු කරනවා නම්….. ජීවිතයේ සමහර දේවල් අත්හරින්නට ඔබට ලෝබ නම්……….
තීරණයක් ගන්නට බැරි නම්………… අනේ ඔබට කවදාවත් යමක් කරන්නට බැහැ………. අනාගතය වෙනුවෙන් අද ඔබේ ජීවිතයේ ඇති අදහාගන්නට බැරි දේවල් මේන් අත් ඇරියා කියලා අත්අරින්න පුරුදු වෙන්න…….. හදවතට බදාගන්නට පුළුවන් එක දෙයක් විතරයි………..අනවශ්‍ය සියල්ල අත් හරින්න………. ඒක ඔබට පරිත්‍යාගයට අවශ්‍යමයි……

Posted in Uncategorized | 1 Comment